top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

“MYBUS- lk ජංගම දුරකථන යෙදවුම” Mobile Passenger App හඳුන්වා දීම....



මගීන්ගේ ගමන් පහසුව සඳහා සකස් කළ MYBUS lk නමින් සකස් කරන ලද ජංගම දුරකථන යෙදවුම සැකසුම් කටයුතු මේ වනවිට ජාතික ගමනාගමන කොමිසම විසින් සකස් කර අවසන් කර ඇත. එම ජංගම දුරකථන යෙදවුම දියත් කිරීම ( ජූලි 07) දින කොළඹ දී සිදු කෙරේ.

 බස් රථවල ගමන් ගන්නා මගීන් රස්තියාදු නොකර ඔවුන්ට නිසි වේලාවට ගමන්ට ගමනක් යාම පහසු කරවීමට බස් රථය පිලිබඳ තොරතුරු ඇතුලත් ජංගම යෙදවුමක් සකස් කරන්නැයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දී තිබිනි. ඒ අනුව මගීන්ගේ ගමන් පහසුව සඳහා සකස් කළ MYBUS lk නමින් සකස් කරන ලද ජංගම දුරකථන යෙදවුම සැකසුම් කටයුතු මේ වනවිට ජාතික ගමනාගමන කොමිසම විසින් සකස් කර අවසන් කර ඇත. එම ජංගම දුරකථන යෙදවුම දියත් කිරීම ( ජූලි 07) දින කොළඹ දී සිදු කෙරේ. MYBUS lk ජංගම දුරකථන යෙදවුම සැකසීමේ කටයුතු විශාල මුදලක් ගෙවා පුද්ගලික සමාගමකට පවරා දී තිබුනි. නමුත් ඔවුන් විසින් සකස් කළ යෙදවුම අංගසම්පුර්ණ එකක් නොවීය. එහෙත් ජාතික ගමනාගමන කොමිසමේ කළමනාකරණ සහකාරවරයෙක් ලෙස කටයුතු කරන තරුණ උපාධිධරයෙක් වන නුවන් සෙනවිරත්න මහතා විසින් තනිවම, කොමිසමේ මුදල් ශත පහක්වත් වැය නොකරමින් මෙම අංග සම්පුර්ණ යෙදවුම නිර්ඹාණය කර තිබීම විශේෂ කාරණයකි. . කොවිඩ් 19 ඇඳිරි නීතිය හේතුවෙන් ඇතැම් නිලධාරින්ට නිවසේ සිට සේවය කිරීමට අවස්ථාව සැලසීම යටතේ නුවන් සෙනවිරත්න මහතා ද එම කාලය තුළ මගී ප්‍රවාහණ ජංගම දුරකථන යෙදවුමක් තිබිය යුතු සියලුම අංග ඇතුළත් කර මෙම යෙදවුම සකස් කරන ලදී. මෙම ජංගම දුරකථන යෙදුවමේ පහසුකම් අනුව මගීන්ට බස් රථයක් ආරම්භය හා ගමනාන්තය දැක්වෙන වේලාවන්, මගීන් බස් රථයට ගොඩ වෙන ස්ථානයේ සිට ගමනාන්තය දක්වා අයවෙන බස් ගාස්තුව, තමන් ගමන් ගත යුතු බස් රථය ඒ මොහොතේ පවතින ස්ථානය Tracking , අන්තර්ජාලය හරහා මගී පැමිණිළි ඉදිරිපත් කිරීමට ඇති පහසුව Complain , සියලුම බස් රථවලට ගෙවීම් කටයුතු කාර්ඩ්පතක් මගින් ගෙවීමට ඇති පහසුකම් සැලසීම ආදි සියලු පහසුකම් මෙම තරුණ නිළධාරියා විසින් සකස් කළ යෙදුමේ අන්තර්ගත වේ. නුවන් සේනාරත්න මහතා මෙම කටයුතු සියල්ල සිදු කර තිබෙන්නේ තම කුඹුරේ කුරුළු තුඩ නැමැති මිල අධික සහල් විශේෂය නිපදවන වී ගොවිතැන ද සිදුකරමිනි. මෙම තරුණ නිර්මාණකරුවා එදින ඇගයීමට ද පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දුන්නේය.

8 views0 comments
bottom of page