top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

‘MT New Diamond’ නෞකාවේ තුවාල ලැබූ නාවිකයා බේරාගත් නාවික විරුවන් ඇගයේ....



පසුගිය සැප්තැම්බර් 03 වන දින ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනිගැනීමක් හේතුවෙන් ආපදාවට පත් MT NEW DIAMOND නැමති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ එම සිදුවීම හේතුවෙන් බරපතල ලෙස තුවාල ලබා සිටි නෞකා කාර්ය මණ්ඩලයේ තෙවන ඉංජිනේරු නිලධාරියාගේ ජීවිතය බේරාගැනීමේ මෙහෙයුමට සම්බන්ධවූ නාවික පුද්ගලයන්ගේ එම සුවිශේෂී ක්‍රියාව අගයා ඔවුන් වෙත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා විසින් ප්‍රශංසාත්මක ලිපි ලබා දීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

එන්ජින් කාමරයේ ඇතිවූ හදිසි පිපිරීමක් හේතුවෙන් ගිනිගෙන ආපදාවට පත් මෙම බොරතෙල් ප්‍රවාහන නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයේ ජීවිත බේරාගැනීමට වෙරළබඩ රාජ්‍යක් ලෙස ශ්‍රී ලංකාවට ඇති ජාත්‍යන්තර බැඳීම ඉටුකිරීම සඳහා නාවික හමුදාධිපතිවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා නාවික නෞකා රණරිසි නෞකාව යෙදවීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

ඒ අනුව බරපතල ලෙස තුවාල ලබා සිටි ආපදාවට පත් නෞකාවේ තෙවන ඉංජිනේරු නිලධාරියාගේ ජීවිතය බේරා ගැනීමේ මෙහෙයුම සැළසුම් කර ඒ සඳහා ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ රණරිසි නෞකාවේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් කේආර්ජීආර්එස් රන්තැන්න මහතා වෙතත්, අනතුරට පත්ව ගිනිගනිමින් තිබු නෞකාව වෙත ඇතුළුවී තම ජීවිත අවදානම නොතකා නෞකාවේ ඉහල මාලයක් තුල බරපතල ලෙස තුවාල ලබා වැටී සිටි එම නෞකාවේ තෙවන ඉංජිනේරු නිලධාරියා රණරිසි නෞකාව වෙත රැගෙන ඒම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ ලුතිනන් කේජීඒඑස්එම් විජේරත්න මහතා , නායක ඉංජිනේරු කාර්මික ඩීඑල්කේ මුදියන්සේ මහතා සහ බලනැවි ඩබ්ජීජීයූ සේනාරත්න මහතා යන නාවික පුද්ගලයන් වෙතත්, නාවික හමුදාධිපති විසින් ප්‍රශංසාත්මක ලිපි ලබාදී ඔවුන් සිදුකල සුවිශේෂී ක්‍රියාව මෙලෙස ඇගයීමට ලක් කරන ලදි. මෙම නාවික පුද්ගලයන් විදහා පෑ වෘත්තිය නිපුණත්වය, අවංකභාවය සහ කැපවීම අනෙකුත් නාවික පුද්ගලයන් සඳහාද ඉතා හොඳ ආදර්ශයක් ගෙනදෙනු ඇත.



3 views0 comments
bottom of page