top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

MCC ගිවිසුම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍යවරුන්ට සති දෙකක්-




MCC හෙවත් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමේ සම්පූර්ණ වාර්තාවේ ඇතුළත් නිර්දේශ පිළිබඳව අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලයේ සියලුම සාමාජිකයින්ගේ අදහස් ලබාගැනීමට තීරණය කර තිබූ අතර අමාත්‍යවරුන්ට ඒ සඳහා ලබා දුන් කාලය තවත් සති 02කින් දීර්ග කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිණි. ඇතැම් අමාත්‍යවරු දැනටමත් මේ පිළිබඳව තම අදහස් හා යෝජනා ලිඛිතව ඉදිරිපත් කර ඇති අතර, තවදුරටත් ඒ පිළිබඳව අධ්‍යයන කිරීම සඳහා ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කළ බවත් ඒ අනුව මෙම කාලසීමාව ලබා දුන් බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.



3 views0 comments
bottom of page