MCC අවසන් වාර්තාව කැබිනට් මණ්ඩලයට - රටට අහිතකර කිසිදු ගිවිසුමකට අත්සන් තබන්නේ නෑ-

MCC ( මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම) අවසන් වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (02) දිනයේදී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(02) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිණි. කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද කමිටුව පසුගියදා සිය අවසන් වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කළේය. එම සම්පූර්ණ වාර්තාවේ ඇතුළත් නිර්දේශ පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ සියලුම සාමාජිකයින්ගේ අදහස් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල හමුවේ දී තීරණය වූ බව ද අමාත්‍යවරයා පැවසීය. කුමන රටක් සමගවත් රටේ ස්වාධීනත්වයට තර්ජනයක් වන මොනම ගිවිසුමකටවත් අත්සන් නොකිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව සඳහන් කළ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, තවදුරටත් ප්‍රකාශ කළේ, වත්මන් රජය සෑම රාජ්‍යයකටම පොදු විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි.