helloplanetaviss
Made in Sri Lanka' වෙළද ප්‍රදර්ශනය 2021" විවෘත කිරීම අද....

'Made in Sri Lanka' වැඩපිළිවෙළ යටතේ පවත්වනු ලබන ප්‍රථම වෙළද ප්‍රදර්ශනය අද(13) උදේ 9:30ට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිත ය.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්ථයක් බවට පත් කෙරුමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සංකල්පයකට අනුව කර්මාන්ත අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධිත ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය(NEDA) විසින් දියත් කරනු ලබන 'Made in Sri Lanka'වැඩපිළිවෙළ යටතේ පවත්වනු ලබන ප්‍රථම වෙළද ප්‍රදර්ශනය පෙබරවාරි13 සහ 14 දෙදින තුළ උදේ 10:00 සිට රාත්‍රී 8:00 දක්වා කොළඹ, ශ්‍රී ලංකා පදනම් ආයතනය ඉදිරිපිට පදනම් මාවත පරිශ්‍රයේ පැවැත්වීමට නියමිත ය. ප්‍රදර්ශනය විවෘත කිරීම උදේ 9:30ට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත ය.