helloplanetaviss
LPL (ලංකා ප්‍රිමියර් ලීග්) දෙවැනි අදියර ජූලි 30 සිට අගෝස්තු 22 දක්වා....

LPL (ලංකා ප්‍රිමියර් ලීග්) දෙවැනි අදියර ජූලි 30 සිට අගෝස්තු 22 දක්වා
2021 ලංකා ප්‍රිමියර් ලීග් (Lanka Premier League) ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර ලබන ජූලි මස 30 වැනිදා සිට අගෝස්තු 22 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටිනවා.
මෙවර තරගාවලියද රටේ පවතින සෞඛ්‍යාරක්ෂිතභාවය පිළිබඳව අවධානය යොමු කරමින් සෞඛ්‍ය අමාත්‍යෘංශය සමඟ සමීපව කටයුතු කොට පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරන බව පවසයි.
පසුගිය වසරේ කණ්ඩායම් 05 කගේ සහභාගිත්වයෙන් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවති LPL තරඟාවලිය ඉතා සාර්ථක ලෙස නිමාවට පත්විය. එහිදී 2020 වසරේ LPL ශූරතාව දිනා ගැනීමට සමත් වූයේ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමයි