top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

IMF ණය ලැබීම ගැන සුබවාදී බලාපොරොත්තුවක්


ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හරහා ණය ලබා ගැනීමට සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා සකසමින් සිටින බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඊට අදාල රටවලින් ණය සහන ඉල්ලීමට සිදු වන බවයි මහ බැංකු අධිපතිවරයා සදහන් කළේ.


රටේ ආර්ථිකය කඩා වැටීමෙන් බලපෑමට ලක්වූ ක්ෂේත්‍ර ඉදිරියේදී යළි යථාතත්ත්වයට පත්වනු ඇති බවද මහ බැංකු අධිපතිවරයා මෙහිදී සදහන් කළා.


මේ අතර ඉන්දියාව, චීනය ඇතුළු කලාපයේ ප්‍රධාන ණය දෙන රටවල්වලට ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම උදෙසා වූ සාකච්ජාවක් කැඳවීමට ජපානයට මැදිහත්වන ලෙස ඉල්ලීමක් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ සඳහා ජනාධිපතිවරයා ලබන මාසයේදී ජපානයේ සංචාරයක නිරත වීමට නියමිත බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේ.

10 views0 comments
bottom of page