helloplanetaviss
G20 ඉතාලි අන්තර් ආගමික සමුළුවට එක්වීම සඳහා ඉතාලිය බලා පිටත්ව ගිය අගමැති.....

G20 ඉතාලි අන්තර් ආගමික සමුළුවට එක්වීම සඳහා ඉතාලිය බලා පිටත්ව ගිය අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිසට අද (10) පස්වරුවේ එරට බොලොඤ්ඤා නුවර ගුග්ලි එල්මෝ මාර්කෝනි ගුවන් තොටුපළ වෙත ළඟා වීමට හැකි විණි. එහිදි ,අගමැතිවරයා ඇතුළු දුත පිරිස ඉතාමත් හරසරින් පිළිගන්නා ලදහ.
අගමැතිවරයා මෙලෙස ඉතාලි සංචාරයට එක් වුයේ,අනිද්ද (12)පැවැත්වීමට නියමිත G20 ඉතාලි අන්තර් ආගමික සමුළුව (G20 Interfaith Forum Italy) ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීමට ලැබුණු ආරාධනාවකට අනුවයි.
මෙවර එම සමුළුවේ තේමාව වී ඇත්තේ "සංස්කෘතීන් අතර සාමය සහ ආගම් අතර අවබෝධය" යන්නයි.
මෙම සංචාරයේ දීඅගමැතිවරයා ඇතුළු දුත පිරිස G20 අන්තර් ආගමික සමුළුවට සමඟාමීව රාජතාන්ත්‍රික හමුවීම් කිහිපයකට එක්වීමට ද සැලසුම් කර ඇත.
ඉතාලි අග්‍රාමාත්‍ය මරියෝ ඩ්‍රැගී (Mario Draghi) මහතා, යුරෝපා පාර්ලිමේන්තුවේ සභාපති ඩේවිඩ් සසෝලි (David Sassoli ) මහතා සහ ස්ලෝවෙනියා ජනාධිපති බොරුට් පාහෝර් (Borut Pahor) මහතා එසේ හමුවීමට නියමිත රාජතාන්ත්‍රිකයින්ගෙන් කිහිප දෙනෙකි.