COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල දැන් ක්‍රියාත්මක වනුයේ “ඉටුකම” සන්නාමය නමින් .....




COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල දැන් ක්‍රියාත්මක වනුයේ “ඉටුකම” සන්නාමය නමින් බව ජනාධිපති මාධ්‍ය ‍ඒකකය පවසයි.

දෙස් විදෙස් පරිත්‍යාගශීලීන් තවත් ආකර්ෂණය කරගනු පිණිස සන්නාමය හඳුන්වා දී තිබේ.

ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා විසින් පසුගිය මාර්තු 23 දා අරමුදල ස්ථාපනය කෙරිණ. 

ජනපති නියමයෙන් නියමයෙන් ජනාධිපති අරමුදල ඒ සඳහා රුපියල් මිලියන 100ක් ප්‍රදානය කළේය. 

COVID -19 වසංගතය පාලනය සහ ඊට සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කිරීම ආරක්ෂණ අරමුදලේ පරමාර්ථයයි වන බවද ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

අරමුදලට පරිත්‍යාග රැස් කිරීම සඳහා ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ විශේෂ ගිණුමක් විවෘත කර ඇත.

එහි අංකය 85737373. බැංකු කේතය 7010; ශාඛා කේතය 660; ස්විෆ්ට් කේතය BCEYLKLX.

දෙස් විදෙස් පරිත්යාරගශීලීහූ ගිණුමට දායක වී සිටිති. 

දුරකථන අංක 0760700700/ 0112320880/ 011,2354340/ 0112424012 ඇමතීමෙන් වැඩි විස්තර දැන ගැනීම හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

5 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017