helloplanetaviss
COVID – 19 තත්ත්වයක් නැවත මතු නොවීමට කටයුතු කිරීම වෙනුවෙන් විශ්වවිද්‍යාල පද්ධතියට විශාල වගකීමක්....

විශ්ව විද්‍යාල වල පද්ධතිය තුළ ක්‍රීඩා කටයුතු නැවැත්වීමේ දී ජාත්‍යන්තර ව සහ ජාතික මට්ටමේ ක්‍රීඩා කටයුතු වල නිරත වන සිසුන්ගේ පුහුණුවීම් සම්බන්ධයෙන් සැළකීමේ දී ජාතික මට්ටමේ ක්‍රීඩා කටයුත්තක් වේ නම් ඒ සදහා ක්‍රීඩා අමාත්‍යංශයත් සමඟ එක් ව එකී වැඩපිළිවෙලට අනුගත වීමට හැකි වන නමුත් අධ්‍යාපනය නොකඩවා පවත්වාගෙන යාමේ ක්‍රියාවලියත් සමඟ පොදු කටයුතු සඳහා අවසර ලබා දීමට විශ්ව විද්‍යාලයට හැකියාවක් නොමැති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොම්ෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියා සිටී.
ඒ මහතා මේ බව කියා සිටියේ, විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු සම්බන්ධව දැනුවත් කිරීම පිළිබඳව (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදිනියක් නැඟූ ගැටළුවකට පිළිතුරු ලබා දෙමිනි. ඒ අනුව, කුමන අවස්ථාවක දී හෝ කළමනාකරණය කරන ලද COVD – 19 වසංගත තත්ත්වය විශ්ව විද්‍යාලයකින් නැවත මතු නොවීමට කටයුතු කිරීම වෙනුවෙන් විශ්ව විද්‍යාල පද්ද්ධතියට විශාල වගකීමක් තිබෙන බවත් කිසිඳු විශ්වවිද්‍යාලයක් තුළ සමාජමය හෝ ක්‍රීඩාමය වශයෙන් හෝ ඒකරාශී වීමක් සඳහා අවස්ථාවක් ලබා දීමට කටයුතු නොකරන බවත් මහාචාර්ය අමරතුංග මහතා මෙහි දී කියා සිටියේය.