top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

73 වැනි නිදහස් දින උත්සවය ආගමික වතාවත්වලට මුල් තැන.....



73 වැනි නිදහස් දින උත්සවය ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් සිදුකිරීමට අපේක්ෂා කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.

නිදහස් දින උළෙලේ වැඩසටහන් විස්තරය සම්බන්ධයෙන් පැහැදිළි කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව කීය. ඒ අනුව බෞද්ධ ආගමික වතාවත්වලට අනුව වෙනදා මෙන්ම නිදහස් චතුරශ්‍රය තුළදී සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාවක් සහ මහා සංඝරත්නය උදෙසා සංඝගත දක්ෂිනාවක් ලබාදීමට කටයුතු සූදානම් බවත් ඒ අනුව (02) දා රාත්‍රියේ පිරිත් දේශනාව පැවැත්වෙන අතර අනිද්දා (03) දා උදෑසන දානය ලබා සූදානම් බවත් ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

එමෙන්ම අනෙකුත් ආගමික වතාවත් ලෙස අනිද්දා(03) දා පෙරවරු 07.00ට මරදානේදී ශ්‍රී ලංකා විදුහල මහ පිරිවෙන් විහාරස්ථානයේදී සංඝගත දක්ෂිණාවක් පැවැත්වීමට නියමිත අතර එය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබයි.

නිදහස් දින (04) දා උදෑසන 06.30ට නාරාහේන්පිට අභයාරාමයේදී බෞද්ධ ආගමික පිළිවෙත් සිදු කෙරේ.එදිනම උදෑසන 06.30ට හින්දු ආගමික වතාවත් කොළඹ 08 බම්බලපිටිය නව කදිරේෂන් කෝවිලේදී , පෙරවරු 06.25ට ස්ලාම් ආගමික වතාවත් කොළඹ 04 නිමල් පාර ජුම්මා දේවස්ථානයේදී, පෙරවරු 06.15ට කතෝලික දේව මෙහෙය බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දෙව් මැදුරේදී, ක්‍රිස්තියානි දේව මෙහෙය පෙරවරු 06.15ට කොළඹ 06 මුවර් පාරේ මෙතෝදිස්ත දේවස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.

0 views0 comments
bottom of page