top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා වන සංශෝධන පිළිබඳ ව නිවේදනයක්...




නව විෂය නිර්දේශය යටතේ මෙම වසරේ පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් යටතේ දැනට ලබා දෙන වරණ 4ක් සහිත බහුවරණ ප්‍රශ්න 30 වෙනුවට වරණ 3ක් සහිත බහුවරණ ප්‍රශ්න 30ක් ලබාදීමට ගත් තීරණය හැරුණු විට වෙනත් කිසිදු වෙනසක් සිදු නොකරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.


නව විෂය නිර්දේශය යටතේ මෙම වසරේ පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා වන සංශෝධන පිළිබඳ ව නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.


මේ අතර, නව විෂය නිර්දේශ යටතේ මේ වසරේ සහ ඉන්පසුව පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සඳහා ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ දී පළමු ප්‍රශ්න පත්‍රය දැනට පවතින ආකාරයටම වරණ තුනක් සහිත බහුවරණ ප්‍රශ්න 40කින් සමන්විත වන අතර පිළිතුරු සැපයීම සඳහා දැනට ලබා දෙන විනාඩි 45ක කාලය වෙනුවට පැයක කාලයක් ලබා දෙන බවත් එම නිවේදනයේ සඳහන්ය.



10 views0 comments
bottom of page