helloplanetaviss
23 හැවිරිදි තරුණයකු තුන්වන වරටත් කෝවිඩ් ආසාදිතයකු ලෙස සනාථවේ....

ආණමඩුව තෙන්නන්කුරියා ප්‍රදේශයේ 23 හැවිරිදි තරුණයකු තුන්වන වරටත් කෝවිඩ් ආසාදිතයකු ලෙස සනාථ වී ඇති බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එම්. ෆරිඩ් මහතා පැවසිය.
මෙසේ කෝවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත්තේ ඩුබායිහි රැකියාවකට ගොස් පසුගිය අගෝස්තු මස 18 දින මෙරටට පැමිණ, පළමු වරට වැලිකන්ද කොරෝනා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ආසාදිතයකු බවට තහවුරු වු අයෙකි.
අදාළ තරුණයා ආණමඩුව තෙන්නන් කුරියාව පදිංචිකරුවකු වන අතර මොහු වැලිකන්ද කෝවිඩ් රෝහලින් ප්‍රතිකාර ලබා නිවසට පැමිණ නැවත නිරෝධායනය වෙමින් සිටි ඇති බව පැවසේ. සිය මව සමග නිවසේ නිරෝධායනයට ලක්වෙමින් සිටියදී දෙවනවරට යළි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් සැප්තැම්බර් 17 දින හලාවත රෝහලේ කොවිඩ් ඒකකයට ඇතුළත් කර තිබේ.
එහිදී සිදුකළ පීසිආර් පරීක්ෂණවලදී නැවතත් කෝවිඩ් ආසාදිතයෙකු බව සනාථ වී ඇත.
ඒ අනුව මෙම තරුණයා ඉරණවිල කෝවිඩ් රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා නැවත නිවසට පැමිණ තිබුණි.
කෙසේ නමුත් අදාළ තරුණයා නිසි නිරෝධායන ක්‍රමවේදයන් යටතේ ඔහු පදිංචි නිවස තුළ රඳවා නිරෝධායනයට ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කටයුතු කර තිබුණි.
අනතුරුව පසුගිය සිකුරාදා නිවසේ නිරෝධායනය වෙමින් සිටිය දී නැවතත් අසනීප තත්ත්වයෙන් තරුණයා හලාවත මහ රෝහලේ කෝවිඩ් ඒකකයට ඇතුළත් කර තිබුණි.
එහිදී නැවත අදාළ තරුණයා පීසීආර් පරීක්ෂණවලට යොමු කිරීමෙන් පසුව තුන්වන වරටත් කොවිඩ් ආසාදිතයෙක් ලෙස සෞඛ්‍ය අංශ හඳුනා ගෙන තිබේ.