top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

2023 දී කිරෙන් ස්වයංපෝෂිත ශ්‍රි ලංකාවක්- කිරි ගොවියා රැකගනිමින් නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි.....



ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ ඉදිරි දැක්ම වැඩපිලිවෙල යටතේ ස්වයංපෝෂිත ශ්‍රි ලංකාවක් බිහිකිරිම අරමුණු කර 2023 වන විට රටේ  කිරි අවශ්‍යතාවය රට තුලම නිෂ්පාදනය කිරිමේ අරමුණින් වතු සමාගම් හා දේශිය ආයෝජකයන් අතර විශේෂ සාකාච්ජාවක්  26 දින  කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදි අදහස් දැක්වු අමාත්‍යවරයා ........ “වතු සමාගම් 22 ක් රට තුළ තියෙනවා. එක් වතු සමාගමකට අපි කිරිගවයින් දාහක් ගන්න කියලා ඉල්ලුවා. ඒ වගේම තමයි ඊට අවශ්‍යතා මත යටිතල පහසුකම් රජය මඟින් ලබාදෙනවා. ඒ අනුව තාක්ෂණික දැනුම, සහන, මූල්‍ය ආධාර, සත්ත්ව ආහාර නිෂ්පාදනයට අවශ්‍ය ඉඩම් සහ අනෙක් සියලුම පහසුකම් සැපයෙනවා. ඒ මඟින් දැනට රටේ වාර්ෂික නිෂ්පාදනය කරන කිරි ලීටර් මිලියන 422 ක ප්‍රමාණය කිරි ලීටර් මිලියන 750 දක්වා වැඩි කිරීමට හැකිවනවා. ඒ වගේම ඒ වැඩපිළිවෙලට අපි වැවැළි කර්මාන්ත අමාත්‍යාංශයේ ද සහාය ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ හරහා දේශීය කිරි ගොවියා අපි ආරක්ෂා කරනවා.

එම සමාගම් 22 කට ගවයින් මිලදී ගැනීම පමණයි ඔවුන් සිදුකළ යුත්තේ. අර කිව්ව සියලුම පහසුකම් අපි ලබාදෙනවා. ඒ අනුව කිරි ගවයින් 22,000 කට අවශ්‍ය සියලුම පහසුකම් රජය මගින් ලබාදෙනවා. ඉතින් අපි මේ විදිහට තමයි කෘෂිකර්මාන්තයේ ඒ දළදේශීය දායකත්වය ඉහළ නංවන්න අදහස් කරන්නේ. මොකද කෘෂිකර්මාන්තයෙන් දළදේශීය නිෂ්පාදනයට දායකත්වය මීට පෙර 37% ක් ව පැවතුණා. නමුත් පසුගිය කාලයේ එය 7% ක් දක්වා පහළ වැටුනා.  ඊට කෘෂිකර්මාන්තයේ ප්‍රධාන කොටසක් වන කිරි නිෂ්පාදනය අතිශය වැදගත් වෙනවා. ඒ නිසා කිරි ගොවියා රැකගනිමින් මෙම නව වැඩපිළිවෙල අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කරනවා” යැයි පැවසීය. මෙම අවස්ථාවට අමාත්‍ය කනක හේරත් මහතා, ජානක වක්කුඹුර මැතිතුමා ඇතුළු මැතිවරුන් හා රජයේ හා පෞද්ගලික වතු සමාගම් වල නියෝජිතයින් මෙන්ම අයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

5 views0 comments
bottom of page