top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

2022 ජාතික අත්පිටපත් තරඟය- අයදුම්පත් කැඳවයි...



සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් නවකතා, කෙටිකතා, පද්‍ය සංග්‍රහ, ළමා කතා, සාහිත්‍ය, සංස්කෘතිය, පුරාවිද්‍යාව, නාට්‍ය කලාව, නර්ථනය, චිත්‍ර හා මූර්ති, සිනමා, ඡායාරූප හා ජනශ්‍රැති, යන විවිධ විෂයන්ට අදාළ ශාස්ත්‍රීය හෝ පර්යේෂණ ග්‍රන්ථ නිර්මාණයන්හි නිරතව සිටින නවක ලේඛක ලේඛිකාවන් දිරිමත් කිරීම අරමුණුකොට ගෙන ජාතික අත්පිටපත් තරඟයක් සිංහල, දමිළ හා ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මේ සඳහා නිර්මාණ භාරගැනීමේ අවසන් දිනය 2022.03.31 වේ. එම නිර්මාණ සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව (ප්‍රකාශන අංශය) 08 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල යන ලිපිනයට පිටපත් තුනක් හා දිවුරුම් ප්‍රකාශයක්ද සමග 2022.03.31 වන දිනට හෝ එදිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් හෝ ඉහත ලිපිනයට ගෙනවිත් භාරදිය යුතුය. අත්පිටපත බහා එවන කවරයේ ඉහළ වම් කෙලවරේ “ජාතික අත්පිටපත් තරඟය - 2022” යනුවෙන් සඳහන් කළ යුතුය. මේ පිළිබඳ වැඩි විස්තර 2882667 යන දුරකතන අංකයෙන් හෝ www.culturaldept.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.

0 views0 comments
bottom of page