top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

2021 රාජ්‍ය චිත්‍ර මූර්ති උළෙල හා රාජ්‍ය ළමා චිත්‍ර උළෙල සදහා නිර්මාණ භාරගැනේ....



බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය දෘශ්‍ය කලා උපදේශක සභාව එක්ව සංවිධානය කරන 2021 රාජ්‍ය චිත්‍ර මූර්ති උළෙල හා 2021 රාජ්‍ය ළමා චිත්‍ර උළෙල සදහා නිර්මාණ භාරගැනීම සිදුකෙරේ.

2021 රාජ්‍ය චිත්‍ර මූර්ති උළෙල සදහා නිර්මාණ භාරගන්නා අවසන් දිනය 2021 මැයි මස 31 දින වන අතර ඒ සදහා ඔබ විසින් සම්පූර්ණ කරන ලද අයදුම්පත හා නිර්මාණය ලේකම්, රාජ්‍ය දෘශ්‍ය කලා උපදේශක සභාව, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 08 වන මහල, සෙත්සිරිපාය යන ලිපිනයට තැපෑලෙන් හෝ ගෙනැවිත් භාරදිය හැකිය. 2021 රාජ්‍ය ළමා චිත්‍ර උළෙල සදහා නිර්මාණ භාරගන්නා අවසන් දිනය 2021 මාර්තු මස 31 දින වන අතර ඒ සදහා ඔබ විසින් සම්පූර්ණ කරන ලද අයදුම්පත හා නිර්මාණය, ස්ථානභාර නිලධාරී, ජාතික කලා භවන, කොළඹ 07 යන ලිපිනයට තැපෑලෙන් හෝ ගෙනැවිත් භාරදිය හැකිය.

අදාල අයදුම්පත හා ව්‍යවස්ථාව, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, රාජ්‍ය දෘශ්‍ය කලා උපදේශක සභාව, 8 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල යන ලිපිනයෙන් ලබාගත හැකිය. මීට අමතරව දිවයින පුරා ඇති සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාල / ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සේවයේ නියුතු සංස්කෘතික නිලධාරී මගින් හෝ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ Department of cultural Affairs face book අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය. විමසීම් - ලේකම්, රාජ්‍ය දෘශ්‍ය කලා උපදේශක සභාව 0112882551

2 views0 comments
bottom of page