top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

2021 අප්‍රේල් මස 21 දින පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධීන් පිළිබඳ සෙවූ කමිටුවේ වාර්තාව කථානායකවරයාට....



2021 අප්‍රේල් මස 21 වැනි දින පාර්ලිමේන්තු සභා ගර්භයේදී සහ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී සිදු වූ සිද්ධීන් පිළිබඳව සොයා බලා ඒවාට ගත යුතු පියවර කවරේද යන්න නිර්දේශ කිරීම පත්කළ කමිටුවේ වාර්තාව (06) පෙරවරුවේ එම කමිටු සභාපති නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට භාර දීම සිදුවිය.

මෙම කාරක සභා සාමාජිකයන් ලෙස කටයුතු කළ අමාත්‍ය චමල් රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරු ද එම කාරක සභාවේ ලේකම් පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් ටිකිරි ජයතිලක මහතාද මෙම අවස්ථාවට සහභාගී වූහ. මෙහිදී අදහස් දක්වමින් එම කමිටු සභාපති නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටියේ මෙවැනි සිදුවීම් තුළින් සමස්ත පාර්ලිමේන්තුවටම සිදු විය හැකි අහිතකර තත්ත්වය දීර්ඝ වශයෙන් සළකා බැලූ කමිටුව, ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වාලීමට පාර්ලිමේන්තුවක් ලෙස ගත හැකි කෙටි කාලීන සහ දිගු කාලීන පියවර ද මෙම වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති බවයි. අප්‍රේල් 21 වැනිදා ඇති වූ ආකාරයේ අර්බුදකාරී වාර්තාකරණයක් නැවත පාර්ලිමේන්තුව තුළ ඇති නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග කවරේද යන්න නිර්දේශ කිරීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පසුගිය අප්‍රේල් 23 වැනිදා මෙම කමිටුව පත් කරන ලදී. අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, කෙහෙලිය රඹුක්වැල්ල යන මහත්වරුන් ද, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ඉම්තියාස් බාකීර් මාකර්, ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර, එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරුන්ද එම කමිටුවේ සාමාජිකයෝ ලෙස කටයුතු කළහ.

0 views0 comments
bottom of page