top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

2020 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් සජීවීව....



රජයේ සියලු නිල තොරතුරු හා ප්‍රවෘත්ති සමාජගත කිරීමේ ව්‍යස්ථාපිත වගකීම පැවරී ඇති ආයතනය වන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල ලද සැනින් සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව, 2020 අගෝස්තු 06 වන දින පෙ.ව.10.00 සිට ප්‍රතිඵල නිකුත් වී අවසන් වන තෙක් මෙම සජීවී විකාශය “මැතිවරණ වංශකතාවට විද්‍යුත් ටීකාවක්” යන තේමාව ඔස්සේ අන්තර්ජාලයට එක් කෙරේ.

මෙතෙක් මැතිවරණ ප්‍රතිඵල ජනමාධ්‍ය වෙත නිල වශයෙන් ලබාදීමේ කාර්යයේදී බලාත්මක රාජ්‍ය ආයතනය වශයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ අතර, මේ අයුරින් ප්‍රතිඵල සජීවී ලෙස විකාශය කිරීම එහිම තවත් ඉදිරි පියවරක් වශයෙන් ක්‍රියාත්මක වේ. විශේෂයෙන්ම දේශීය මෙන්ම විදෙස් රටවල සිටින සමාජ මාධ්‍ය පරිශීලකයින් වෙත ළඟා වීම අරමුණු කරගෙන සිදු කෙරෙන මෙම කාර්යය රාජ්‍ය නිල තොරතුරු හා සමාජ මාධ්‍ය පරීශීලනය කරන නව සමාජය අතර පවත්නා සන්නිවේදන පරතරය අවම කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සිදු කරන කාර්යයභාරයේ විශේෂ සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය. ඉතිහාසයේ පළමු වතාවට මින් පෙර 2019 ජනාධිපතිවරණයේදී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මේ අයුරින් ඡන්ද ප්‍රතිඵල සජීවී ලෙස විකාශය කිරීම සිදුකළ අතර, මෙවර මෙම සජීවී විකාශය දෙපාර්තමේන්තුව විසින් පවත්වා ගෙන යන You Tube Channel එනම්, Development of Government Information - You Tube හා www.news.lk - You Tube මගින් හා මුහුණ පොත් පිටු Development of Government Information – Face book, www.news.lk- Face Book වලට අමතරව විශේෂයෙන් Channel 20 නාලිකාව ඔස්සේ Peo TV මගින්ද විකාශ කෙරෙනු ඇත. මෙම විකාශය හා සම්බන්ධ විය හැකි සම්බන්ධතාවන් (Link) පහත පරිදි වේ. https://www.youtube.com/channel/UCdx49t9VoLVOfl-X3z-6lkg https://www.facebook.com/DepartmentOfGovernmentInformation https://www.facebook.com/newslk https://www.youtube.com/channel/UCoEHCcwcq7WP2im9a-uaeog මෙම සජීවී විකාශය ඕනෑම සමාජ මාධ්‍ය පරිශීලකයකුට තම සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ හුවමාරු කිරීමේ (Share) පහසුකමද සලසා තිබේ. නව තොරතුරු, කාලීන හා ඓතිහාසික දැනුම මෙන්ම විනෝදාස්වාදය ද අරමුණු කරගත් වැඩසටහන්, සම්මුඛ සාකච්ඡා සහ සංවාද සමග නිවැරදි මැතිවරණ ප්‍රතිඵල වගකීම් සහගතව ජනතාව වෙත ගෙන එන මෙම සජීවී විකාශය සමග රැඳී සිටින මෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දෙස් විදෙස් ග්‍රාහක සමාජයට ආරාධනා කර සිටී. නාලක කලුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

10 views0 comments
bottom of page