2020 නොවැම්බර් මස 10 දින සඳහා කාලගුණ අනාවැකිය....

2020 නොවැම්බර් මස 10 දින සඳහා කාලගුණ අනාවැකිය
2020 නොවැම්බර් මස 10 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත්ඇතැම් ස්ථාන වලට මි.මි. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, දකුණසහ මධ්‍යම පළාත්වලඇතැම් ස්ථාන වලට මි.මි.100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
1 view0 comments