helloplanetaviss
2020 නොවැම්බර් මස 06 දින සඳහා කාලගුණ අනාවැකිය......

2020 නොවැම්බර් මස 06 දින සඳහා කාලගුණ අනාවැකිය
2020 නොවැම්බර් මස 05 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.
දිවයිනේ සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
බස්නාහිර, සබරගමුව, නැගෙනහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මි.75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.