top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

2020 ජූලි මස 29 දින සඳහා කාලගුණ අනාවැකිය




2020 ජූලි මස 29 දින සඳහා කාලගුණ අනාවැකිය

2020 ජූලි මස 28 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.

දිවයිනේ, විශේෂයෙන් නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කෙරේ.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු සහ නැගෙනහිර පළාත්වලද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වර්ෂාපතනයන් ඇති විය හැක. උතුර, උතුරු මැද, වයඹ පළාත් වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැක.

දකුණු පළාතෙත්, පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත්සහමධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් විටින් විටහමන පැ. කි. මි.(60-70) දක්වා තද සුළං ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන්, මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතී. වෙරළ ආසන්නයේ ජීවත්වන ජනතාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

1 view0 comments
bottom of page