helloplanetaviss
2020 ජූලි මස 23 දින සඳහා කාලගුණ අනාවැකිය

2020 ජූලි මස 23 දින සඳහා කාලගුණ අනාවැකිය
2020 ජූලි මස 22 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.
හෙට දිනයේ (23 වනදා) බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත් වල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කෙරේ.
බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත් වල විටින් විට වැසි ඇති වේ.
වයඹ පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැක.
සබරගමුව පළාතෙත් නුවර-එළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් මි.මී. 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැක.
නැගෙනහිර සහ ඌව පළාත් වලත් පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්ක වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.