helloplanetaviss
2020 ජූලි මස 12 දින සඳහා කාලගුණ අනාවැකිය

2020 ජූලි මස 12 දින සඳහා කාලගුණ අනාවැකිය
2020 ජූලි මස 11 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.
ඌව, නැගෙනහිර,උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වල තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැක.
උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.