2020මැයි මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය මහජනයා සඳහා අනාවැකි



2020මැයි මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය

2020 මැයි මස 19 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.

මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අතිප්‍රචණ්ඩ සුළි කුණාටුව ("අම්ෆන්") අද (19) දින පෙ.ව 08.30 වන විට ත්‍රිකුණාමලය සිට කි.මී 1020 පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 16.0 ත් නැගෙනහිර දේශාංශ 86.8 ත් ආසන්නව බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථානගතව පවතී. මෙම පද්ධතිය උතුරට බරව ඊසාන දෙසටදිවයිනෙන් ඉවතට ගමන් කරන අතර මැයි 20 වන දින අපරභාගය වන විට බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කරනු ඇතැයි බලාපොරොත්තුවේ.

එහි බලපෑම හේතුවෙන් දිවයිනේ, විශේෂයෙන්ම නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවේ. ඇතැම් ස්ථාන වලට මි.මී.100 ට වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැක. දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැක. දිවයින පුරා අහස වලාකුලින් බරව පවතිනු ඇත.

දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර නුවරඑළිය,කළුතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී.100 ට වැඩි තද වැසිද ඇති විය හැක.

උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017