2020නොවැම්බර් මස 23 දින සඳහා කාලගුණ අනාවැකිය

2020නොවැම්බර් මස 23 දින සඳහා කාලගුණ අනාවැකිය
2020 නොවැම්බර් මස 22 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.
ගිනිකොණදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ (5N-11N,80.5E-88E) පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 36 කාලය තුල පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැක. මෙම පද්ධතිය බස්නාහිර-වයඹ දෙසට ගමන් කරනු ඇති අතර නොවැම්බර් මස 24 දින පමණ වනවිට දිවයිනේ උතුරු-නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ වෙත ලඟා විය හැක.
නැගෙනහිර, උතුරුසහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැක.
බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.
නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට පැ.කි.මි.(60-70) පමණ දක්වා වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති විය හැක. සෙසු ප්‍රදේශවල පැ.කි.මි.(40-50) පමණ දක්වා වන ප්‍රහාරාත්මක තද සුළං ඇති විය හැක.
තද සුළං මගින් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.