top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

2020අගෝස්තු මස 30 දින සඳහා කාලගුණ අනාවැකිය




2020අගෝස්තු මස 30 දින සඳහා කාලගුණ අනාවැකිය

2020 අගෝස්තු මස 29 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.

මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස 2.00න් පසුව තැනින් තැන, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇතිවිය හැක.

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මි.40 දක්වා තරමක් තද සුළං ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. හෙට (30) දින දහවල් 12:10ට තල්යුපාඩු, මන්නාරම, මුන්ඩුමුරිප්පු සහ තෙන්නමරවාඩි ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.

1 view0 comments
bottom of page