helloplanetaviss
2020අගෝස්තු මස 04 දින සඳහා කාලගුණ අනාවැකිය

2020අගෝස්තු මස 04 දින සඳහා කාලගුණ අනාවැකිය 2020 අගෝස්තු මස 03 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි. සබරගමුව, බස්නාහිරසහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී.50 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැක. වයඹ පළාතේවැසි වාර කිහිපයක් ඇති වේ. දිවයින හරහා විශේෂයෙන්උතුරු, උතුරු මැදසහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වල විටින් විට හමන පැ. කි. මි.(50-60) දක්වා තද සුළං ඇති විය හැක. බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන්, මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතී. වෙරළ ආසන්නයේ ජීවත්වන ජනතාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ. fShare