helloplanetaviss
20 වැනි සංශෝධනය සම්බන්ධව විවිධ පාර්ශවයන්ගෙන් ලැබුණු අදහස් යෝජනා කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කළා

20 වන ව්‍යාවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාධනීය කරුණු ගණනාවක් විවිධ පාර්ශවයන්ගෙන් ලැබී ඇති බවත්,ඒම යෝජනා ඊයේ (19) පැවැති කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡාවට ලක් වු බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක හා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී zoom තාක්ෂණය උපයෝගී කරගනිමින් පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක් වු ඇමතිවරයා, සම්පුර්ණ ව්‍යාස්ථාවක් අලුතින් ගෙන ඒමේ වැඩපිළිවෙළකට අවතිර්ණ වී තිබෙන බවත්, මෙ වන විට විද්වත් මණ්ඩලයක් ඒ සඳහා පත් කර ඇතැයි ද පැවසිය. ඒසේම,මේ සම්බන්ධයෙන් ඉදිරි මාස 6 තුළ සම්පුර්ණ කෙටුම්පතක් ලැබෙනු ඇතැයි විස්වාස කරන බවද සඳහන් කළ අමාත්‍යවරයා ,ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බව ද පැවසීය.