helloplanetaviss
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තුනෙන් දෙකක බහුතරයෙන් සම්මතයි....

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත කාරක සභා අවස්ථවේ දී සළකා බලා සළකා බලා තුන්වැනි වර කියවා සංශෝධන සහිතව සම්මත වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත විය. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත දෙවැනිවර කියවීම පාර්ලිමේන්තුවේ දී සම්මත වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේ ය. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත දෙවැනිවර කියවීම පිළිබඳ ඡන්ද විමසීමේ දී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156 ක් ද විපක්ෂව 65ක් ද ලැබී තිබුණි. පසුව පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවට යොමු කළ අතර එහිදී සංශෝධන ඉදිරිපත් විය. එම සංශෝධන සියල්ල සළකා බලා පනත් කෙටුම්පත සම්මත කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. 17 වැනි වගන්තියට කාරක සභවේ සංශෝධන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඡන්ද විමසීමක් විපක්ෂය විසින් ඉල්ලා සිටියේ ය .17 වැනි වගන්තියට ඒ අනුව ඡන්දය විමසීමට කතානායකවරයා කටයුතු කළේ ය. 17 වැනි වගන්තියට පක්ෂව ඡන්ද 157ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 64 ක් ලැබිණි. තෙවෙනිවර කියවීමට ඡන්දය විමසීම සිදු කළ අතර ඒ අනුව පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 65ක් පමණි.