ළමුන් සදහා පාසල් විවෘතවීමට ප්‍රථම සෑම පාසලකටම ඩෙංගු පරීක්ෂා කර සහතිකයක්




කෝවිඩ් 19 වසංගතයෙන් පසු පාසල් විවෘත කිරීමේ දී දෙවන අදියර යටතේ ළමුන් සදහා පාසල් යළි විවෘත කිරීමට ප්‍රථම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දිවයිනේ සෑම පාසලක්ම ඩෙංගු පිළිබද පරීක්ෂා කර සහතිකයක් ලබාදීමට නියමිතව ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් පැවසුවේය.

මේ දිනවල පවතින වැසි තත්ත්වයත් සමග ඩෙංගු රෝගයෙහි සුළු වැඩි වීමක් බස්නාහිර, දකුණ සහ මධ්‍යම පළාත්වල දැකිය හැකි බවත් ඉදිරියට ඩෙංගු යළි හිස එසවිය හැකි බැවින් ජනතාවට අවධානයෙන් පසුවන ලෙසත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේය. ඩෙංගු මර්දන ඒකකය විසින් පසුගිය සති කිහිපයෙහි ඩෙංගු අධි අවදානම් කලාප වල නිවාස ආශ්‍රිතව ඩෙංගු බෝ විය හැකි ස්ථාන පරීක්ෂාවට ලක් කළ අතර මෙම සතිය තුළ අධි අවදානම් කලාප ආශ්‍රිතව ඇති ඉදිකිරීම් ස්ථාන වල ඩෙංගු බෝ විය හැකි ස්ථාන පරීක්ෂා කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත. තමා අවට වටපිටාව පවිත්‍ර කර ගනිමින් ඩෙංගු බෝ විය හැකි ස්ථාන විනාශ කිරීමට සැවොම කටයුතු කිරීම තුළින් ඩෙංගු වලින් තොර ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට හැකිවනු ඇත.

0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017