හොරණ කඳන ස්ථාන කිහිපයක් නිරෝධායනයට.....



නාවික හමුදාවට අමතරව මෙරට පළමු කොවිඩි 19 ආසාදිතයා හඳුනාගත් මාර්තු 11 වනදා සිට අනෙකුත් හමුදා වලින් රෝගින් 13 දෙනකු හඳුනා ගත් අතර විදේශවල සිට මෙරටට පැමිණෙන පිරිස් නිරෝධායන ක්‍රියාවලියට ලක්කරන ලද හමුදා නිලදාරියකුට පසුගියදා කොවිඩි 19 රෝගය වැළඳී තිබුණි.

අදාල හමුදා නිලධාරියා සේවයේ නිරතව සිටියදි කොවිඩි 19 ආසාදිතයකු බවට හඳුනා ගැනුණද ඔහුගේ පවුලේ සාමාජිකයන් ද පසුව නිරෝධායනයට ලක්කළ අතර අද ඔහුගේ ගම් ප්‍රදේශය වන හොරණ කඳන ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් ද නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තේය.

මේ අතර කොළඔ කොටුව ප්‍රදේශයේ නාවික හමුදාවට අයත් ගෆූර් ගොඩනැඟිල්ල තුළ සේවා කටයුතුවල නිරත වු නාවික හමුදා සාමාජිකයකු පසුගිය 27 වනදා කොවිඩි 19 ආසාදිතකු ලෙස හඳුනා ගනු ලැබුවේය.

ඒ අනුව ගෆූර් ගොඩනැගිල්ල අවට ප්‍රදේශයේ තෝරාගත් පිරිස් PCR පරීක්ෂණයට ලක්කිරීම සඳහා අද ජෛව සාම්පල හා රුධිර සාම්පල ලබා ගැනුණි.

0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017