හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර තිබූ අකුරණ-බේරුවල යළි විවෘතයි.


කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර අකුරණ හා බේරුවල ප්‍රදේශයේ ගම්මාන දෙකක් සදහා පනවා තිබූ සීමාවන් අද(03) සිට සම්පූර්ණයෙන්ම ඉවත් කිරිමට පියවර ගෙන තිබේ.

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ මහනුවර අකුරණ ප්‍රදේශය සහ බේරුවල පන්නිල සහ චීනකොටුව යන ප්‍රදේශ සදහා පනවා තිබූ සීමාවන් මෙලෙස ඉවත් කිරිමට පියවර ගත් බවයි.

කොවිඩ්-19 වෛරස ආසාදිතයින් හදුනාගැනිම හේතුවෙන් මහනුවර අකුරණ ප්‍රදේශය පසුගිය මාර්තු මස 29 වනදා සිට හුදෙකලා කිරිමට යුධ හමුදාව පියවර ගනු ලැබුවේය.

ආසාදිතයින් වැඩිවශයෙන් වාර්තා වූ බේරුවල පන්නිල සහ චීන කොටුව යන ගම්මාන ද හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කෙරුනේ පසුගිය මස 14 වනදා සිටයි.

කෙසේවෙතත් අදාල ප්‍රදේශවලින් ගත වූ කාලය තුළ කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවීම හේතුවෙන් එම ගම්මාන හුදෙකලා කරමින් පනවා තිබූ සිමාවන් අද සිට සම්පූර්ණයෙන්ම ඉවත් කිරිමට යුධ හමුදාව පියවර ගෙන තිබේ.

6 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017