හෙට(24) සහ අනිද්දා(25) දෙදින තුළ මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.




හෙට(24) සහ අනිද්දා(25) දෙදින තුළ මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.


පොලසිය පැවසුවේ ඇඳිරි නීතිය ක්‍රියාත්මකවන දින දෙක තුළ දිවයින පුරා මාර්ග බාධක 900ක් යෙදවිමට කටයුතු කරන බවයි.


කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු දිගටම ක්‍රියාත්මකව පවතින අතර හෙට සහ අනිද්දා දෙදින තුළ දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙයි.


කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවලට අද රාත්‍රී 8 සිට බලාත්මක වන ඇඳිරි නීතිය යළි ලිහිල් කෙරෙන්නේ එළැඹෙන මැයි 26 අඟහරුවාදා අලුයම 5 ටයි.

එතැන් සිට එම දිස්ත්‍රික්ක 23 හි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා පමණයි.


මේ අතර ඇදිරි නීතිය හේතුවෙන් මාස 2කට ආසන්න කාලයක් කොළඹ නගරයේ සිරවි සිටි පුද්ගලයින් එක්දහස් පන්සීයකට ආසන්න පිරිසක් යළි සිය ගම්බිම් බලා අද පිටත්ව ගියේය.


ඔවුන් සියලුදෙනා සුගතදාස ග්‍රෘහස්ථ ක්‍රීඩාංගණ පරිශ්‍රෙයට ගෙන්වා ගනිමින් පොලිසිය විසින් දිස්ත්‍රික්ක 16ක් වෙත මොවුන් පිටත් කර හැරියේය.

3 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017