හෙට(08) සිට පුද්ගලික බස් ධාවනය කිරිමේ දි බස් හිමියන්ට ගැටළු රැසකට මුණදිමට සිදුවනු ඇති....




හෙට(08) සිට පුද්ගලික බස් ධාවනය කිරිමේ දි බස් හිමියන්ට ගැටළු රැසකට මුණදිමට සිදුවනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.


මේ  සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, බස් රථ වාරිකය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් හිමිකරුවන්ට ගැටළු මතු වී ඇති බවයි.


බස් රථ 3000 ක පමණ බැටරි අඩපණ වී ඇතැයි ද පැවසු ගැමුණු විජේරත්න මහතා සේවකයින් ගම්වල සිට පැමිණීමට මැලිකමක් දක්වන බවද කියා සිටියේය.


එමෙන්ම රියදුරු බලපත්‍රය කල් ඉකුත් වීම ත් ගැටළුවක් වන බවද ගැමුණු විජේරත්න මහතා පැවසීය.

0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017