හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා......




මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වූයේ යහපාලන ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව ජාත්‍යන්තර පොලීසියට සාවද්‍ය තොරතුරු සැපයීම නිසා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේදී ඔහුගේ නම වෙනස් කර ඇති බවයි.


එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසීය.


“ලිපි ලේඛන හැදුවේ නීතීපති දෙපාර්තමේන්තුව අත්සන් 21000 ක් ගහන්න කාලය ඕන කිව්වා. කාලය වෙන් කරගෙන ඒවා අත්සන් කළා.


අන්තර්ජාතික පොලිසියට ලියුම් යැව්වා. අත්අඩංගුවට ගන්න කියලා. බරපතළ මූල්‍ය වංචාවකට සම්බන්ධයි කියලා. අපේ ආණ්ඩුවේම කට්ටියක්. මූල්‍ය වංචාවක් නෙවෙයි දේශපාලන ගැටුමක් කියලා.


අන්තර්ජාතික පොලිසියට මැදිහත් වෙන්න එපා කියලා. අන්තර්ජාතික පොලිසිය දැනුම්දුන්නා ඒ ගැන. නැවත දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළා.

විශාල ලිපි ගොනු රාශියක් යැව්වා. අන්තර්ජාතික පොලිසිය පිළිඅරන් රතු නිවේදන නිකුත් කළා. වර්තමාන තත්ත්වය අර්ජුන මහේන්ද්‍රන් නම වෙනස් කරලා.

නැවත කඩදාසි හුවමාරු කරගන්න වෙනවා. අන්තර්ජාතික පොලිසියට ලියපු අය සිංගප්පූරුවේ බලවතුන් සමඟ සම්බන්ධතා ඒකයි නැවතිලා තියෙන්නේ. වර්තමාන ජනපතිට හා රජයට දැනගන්න කියන්නේ.“

3 views

HELLORADIO

CONTACT US

077 7 369 324

helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram