සීෂෙල්ස් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් රැගෙන විශේෂ ගුවන් යානයක් අද කටුනායක ගුවන් තොටුපළ වෙත,



ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , සීෂෙල්ස් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 35 දෙනෙකු රැගෙන, එරටට අයත් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(23) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. මෙම ගුවන් මගීන්  දැනට ලොව පුරා පැතිර පවතින කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සීෂෙල්ස් රාජ්‍යයේ රැඳී සිටි පිරිසකි. ඔවුන් අද දින පස්වරු 2.45 ට සීෂෙල්ස් රාජ්‍යයේ සිට පැමිණි, එයා සීෂෙල්ස් ගුවන් සේවයට අයත් එච්.එම්- 8360 දරණ විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. මෙම ගුවන් මගීන් පිරිස සහ ඔවුන් රැගෙන ආ ගමන් මලු ද විෂබීජහරණය කිරීමෙන් අනතුරුව , කොරෝනා වසංගත රෝග ලක්ෂණ තිබේ දැයි විමසා බලා , නීරෝධායන කටයුතු සඳහා, එම මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබේ.



13 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017