සුරාබදු දෙපාර්තමේන්තුව දීර්ඝ කාලයක සිට මුහුණ පා සිටින වෘත්තීය ගැටළුවලට කඩිනම් විසඳුම්......





ජනාධිපතිතුමාගේ ප්‍රකාශය......

සුරාබදු දෙපාර්තමේන්තුව දීර්ඝ කාලයක සිට මුහුණ පා සිටින වෘත්තීය ගැටළුවලට කඩිනම් විසඳුම් දීමට මාගේ අවධානය යොමු වී ඇත.

සේවා ව්‍යවස්ථාව කඩිනම් කිරීමට, බඳවා ගැනීම් සහ උසස්විම් සම්බන්ධ ගැටළුවලට ආයතන මට්ටමින් විසඳුම් සෙවීමට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති එකමුතුව සමග අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී අවධානය යොමු විය.

මෙහිදී උපාධිධාරී රැකියා වැඩසටහන යටතේ තෝරාගනු ලබන අභ්‍යාසලාභීන් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා යොමු කිරීම කෙරෙහි ද මම අවධානයයොමු කළෙමි.

දීර්ඝ කාලයක සිට එකම තනතුරේ සේවය කරන නිලධාරීන් සඳහා උසස්වීම් පටිපාටියක් හඳුන්වාදීම සහ රාජකාරී ඉටු කිරීමේදී භෞතික සම්පත්වල ඌනතාවට පිළියම් සෙවීම ගැනද සාකච්ඡා කෙරිණ.

පහළ තනතුරු සදහා බඳවා ගැනීමේ දී නිපුණතාවක් නැති අඩු ආදායම්ලාභී පිරිසට අවස්ථාව හිමිවන අයුරින් ප්‍රතිපාදන සැකසීමට පියවර ගන්නැය. තවදුරටත් මම ඔවුන්ට උපදෙස් දුන්නෙමි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර් ආටිගල, සුරා බදු කොමසාරිස් ඒ. බෝදරගම යන මහත්වරු ඇතුළු නිලධාරීහූ හා වෘත්තීය සමිති නියෝජිතයෝ සාකච්ඡාවට එක් ව සිටියහ.

0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017