සොයිසාපුර ප්‍රදේශයේ අවන්හලකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්...........



සොයිසාපුර ප්‍රදේශයේ අවන්හලකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර තිබේ. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ ඊයේ අළුයම සිදුවූ අදාල වෙඩි තැබීමෙන් අවන්හලේ වීදුරුවලට අලාභ හානි සිදුව ඇති බවයි. 

සොයිසාපුර ක්‍රීඩාංගණය අසල පිහිටි අදාල අවන්හලට පසුගිය දිනෙක කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදී අලාභ හානි සිදුකර තිබුණි. 

ඉන් අනතුරුව එම අවහන්හලේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් තිදෙනෙකු යොදවා තිබූ අතර ඊයේ අළුයම මෝටර් රථයකින් පැමිණි පිරිසක් ස්වයංක්‍රීය ගිනි අවියකින් යලිත් වරක් එම අවන්හලට වෙඩි තබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ. 

වෙඩි තැබීම සිදුකර පලායන අවස්ථාවේදී එම ස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් ඔවුන්ගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගෙන ඇත. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතාගේ මෙහෙයවීම මත පරීක්ෂණ සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ.

0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017