We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

සාමාන්‍ය බාහිර සමාජයෙන් එකදු කොවිඩ් ආසාදිතයකු හෝ වාර්තා නොවී අද (30) ට මාසයක කාලයක් සම්පූර්ණ වෙයි.



සාමාන්‍ය බාහිර සමාජයෙන් එකදු කොවිඩ් ආසාදිතයකු හෝ වාර්තා නොවී අද (30) ට මාසයක කාලයක් සම්පූර්ණ වෙයි.

අද දින අලුතින් ආසාදිතයන් 05 දෙනකු හඳුනාගත් අතර ඔවුන් සියලු දෙනා නාවික හමුදා සාමාජිකයන් වෙයි.

මේ අතර හෙට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇදිරි නීතිය ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඊයේ මෙරටින් කොවිඩි 19 ආසාදිතයන් 28 දෙනෙකු හඳුනා ගැනුණි.

ඔවුන් අතරින් 17 දෙනෙකු නාවික හමුදා සමාජිකයින් වන අතර අනෙක් 11 දෙනා විදේශවල සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි පුද්ගලයින්.

අද තවත් කොවිඩි 19 ආසාදිතයන් 5 දෙනකු හදුනාගත් අතර එම සියලු දෙනාද නාවික හමුදා සාමාජිකයින්

ඒ අනුව තවමත් මෙරට වැඩිම කොවිඩ් ආසාදිතයන් පිරිසක් වාර්තා වන්නේ නාවික හමුදා සාමාජිකයන් අතරින්.

පළමු ආසාදිත නාවික සෙබළා වාර්තා වූ ඉකුත් අප්‍රේල් 22 වැනිදා සිට අද දක්වා ගත වූ දින 38 තුළ වාර්තා වන සමස්ත නාවික හමුදා ආසාදිතයන් ගණන 739 ක්.

එමෙන්ම අද තවත් නාවික සෙබළුන් 22 දෙනෙකු සුවය ලැබීමත් සමඟ සුවය ලැබූ මුළු නාවික හමුදා සාමාජිකයින් ගණන 388 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද පස්වරු 06 වනවිට නිකුත් වී තිබූ දත්තවලට අනුව මෙරට සමස්ත ආසාදිතයින් අතරින් 775 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් වෙයි.

එය සියයට 49.42 ක ප්‍රතිශතයක්.

දේශීයව හඳුනාගත් සෙසු ආසාදිතයින් 310 දෙනා ප්‍රතිශතයක් ලෙස සියයට 19.90 ක්.

ඔවුන් අතරින් 68 දෙනෙක් වාර්තා වූයේ නිරෝධායන මධ්‍යස්ථානවලින්.

විදේශවල සිට පැමිණ ආසාදිතයන් ලෙස හඳුනාගත් ගණන මේ වන විට 478 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

එය ප්‍රතිශතයක් ලෙස සියයට 30.68 ක්.

ඊට විදේශකයින් තිදෙනෙකුද ඇතුළත්.

නාවික හමුදාවට අමතරව මෙරට පළමු කොවිඩි 19 ආසාදිතයා හඳුනාගත් මාර්තු 11 වනදා සිට අනෙකුත් හමුදා වලින් රෝගින් 13 දෙනකු හඳුනාගත් අතර විදේශවල සිට මෙරටට පැමිණේන පිරිස් නිරෝධායන ක්‍රියාවලියට ලක්කරන ලද හමුදා නිලධාරියකුට පසුගියදා කොවිඩි 19 රෝගය වැළඳී තිබුණි.

අදාල හමුදා නිලධාරියා සේවයේ නිරතව සිටියදි කොවිඩි 19 ආසාදිතයකු බවට හඳුනාගැනුණද ඔහුගේ පවුලේ  සාමාජිකයන් ද පසුව නිරෝධායනයට ලක්කළ අතර අද ඔහුගේ ගම් ප්‍රදේශශය වන හොරණ කඳන ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් ද නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තේය.

මේ අතර කොළඹ කොටුව ප්‍රෙද්ශයේ නාවික හමුදාවට අයත් ගෆූර් ගොඩනැඟිල්ල තුළ සේවා කටයුතුවල නිරත වු නාවික හමුදා සාමාජිකයකු පසුගිය 27 වනදා කොවිඩි 19 ආසාදිතකු ලෙස හදුනා ගනු ලැබුවේය.

ඒ අනුව තවමත් නව ආසාදිතයන් වාර්තා වෙමින් පවතින්නේ නාවික හමුදා නියැදියෙන් සහ විදේශවල සිට පැමිණි පිරිස අතරින්.

පසුගිය දින 30 පුරා බාහිර සමාජයෙන් කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නැහැ.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොව්ඩි නයින්ටීන් රෝගීන් ගණන 1,563ක්.

අද තවත් ආසාදිතයන් 27 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග මේ වන විට 781 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා ඇත්තේ මුළු ආසාදිතයන් අතරින් සියයට 48.40 ක ප්‍රතිශතයක් පෙන්නුම් කරමින්.

ආසාදිතයින් 772 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර එය සියයට 50.96 ක ප්‍රතිශතයක්.

මෙරටින් වාර්තාවූ මරණ සංඛ්‍යාව පවතින්නේ සියයට 0.64 ක තරම් සුළු අගයකයි.

6 views0 comments