We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

සිපෙට්කෝ මධ්‍යස්ථානවල ඉන්ධන මිල ඉහළ දැමීමක් කිසිසේත් සිදු නොවේ .




IOC සමාගම පෙට්‍රල් මිල ඉහළ නැංවුවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සිපෙට්කෝ මධ්‍යස්ථානවල ඉන්ධන මිල ඉහළ දැමීමක් කිසිසේත් සිදු නොවන බව  විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ පෙට්‍රල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් IOC සමාගම කිසිදු පූර්ව දැනුවත්කිරීමක් සිදු කර නොමැති බවයි.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ‍ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව රුපියල් 137 ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 142 කි.

IOC සමාගම පෙට්‍රල් මිල ඉහළ නැංවීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජනතාව පළ කළේ මෙවන් අදහසකි.

සමගි ජන බලවේගය කෑගල්ල දිස්ත්‍රික් අපේක්ෂක කබීර් හෂීම් මහතා චෝදනා කරන්නේ ඉන්ධන මිල වැඩි කිරීම තුළින් වැඩි ලාභයක් ඉපයීම සඳහා ආණ්ඩුව අනුමැතිය ලබා දී ඇති බවයි.

කෙසේ වෙතත් විෂයභාර අමාත්‍යවරයා පවසන්නේ කිසිදු දැනුවත් කිරීමකින් තොරව IOC සමාගම ඉන්ධන මිල ඉහළ නංවා ඇති බවයි.

3 views0 comments