වාර්තාවී ඇති ගෝලීය මරණ සංඛ්‍යාව 248, 135කි.




කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් අද වන විට හඳුනාගෙන ඇති සමස්ත ගෝලීය ආසාදිතයන් ගණන තිස් පන් ලක්ෂ හැට තුන්දහස ඉක්මවයි. වාර්තාවී ඇති ගෝලීය මරණ සංඛ්‍යාව 248, 135කි. ආසාදිතයන් එකොළොස් ලක්ෂ පනස් තුන්දහසකට වැඩි පිරිසක් සුවය ලබා තිබේ. කොවිඩ් - 19 වෛරසයේ දැඩි බලපෑමට ලක්වී තිබූ යුරෝපානු රටවල්වන ඉතාලිය, ස්පාඤ්ඤය සහ ප්‍රංශයේ වසංගත තත්ත්වය මේ වන විට ක්‍රමයෙන් පහව යමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට මුළුමණින් වසාදැමුණු දිනෙන් පසුව ඉතාලියේ අඩුම දෛනික මරණ සංඛ්‍යාව වාර්තා වුණේ ඊයේ දිනයෙයි. ඒ අනුව ඊයේ දිනය තුළදී එරටින් මරණ 174ක් වාර්තා වී තිබුණි. මාර්තු මස මැදභාගයෙන් පසුව සිදුවූ අඩුම දෛනික මරණ සංඛ්‍යාව වාර්තා කරමින් ස්පාඤ්ඤයෙන් කොවිඩ් මරණ 164ක් ඊයේ වාර්තා වී තිබේ. ප්‍රංශයෙන් ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 135කි. කෙසේ වෙතත් රුසියාවේ සහ බ්‍රසීලයේ කොවිඩ් වෛරසය සීඝ්‍රයෙන් පැතිර යමින් ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි. රුසියාවෙන් ඊයේ දිනය තුළදී අලුතින් කොවිඩ් ආසාදිතයන් දසදහසකට වැඩි පිරිසක් හඳුනාගෙන ඇති අතර වාර්තා වූ මරණ සංඛ්‍යාව 58 කි. ඒ සමග එරට සමස්ත ආසාදිතයන් ගණන 134,600 ඉක්මවා ගිය අතර සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 1,280 දක්වා ඉහළ ගොස් තිබේ.

9 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017