වැටී ඇති ආර්ථිකය ගොඩගැනීමට හැකි බවට ජනපතිගෙන් ප්‍රකාශයක්.



වැටී ඇති ආර්ථිකය ගොඩගැනීමට හැකි බවට ජනපතිගෙන් ප්‍රකාශයක් COVID 19 වසංගතය නිසා අඩාල වූ ආර්ථිකය යළි ගොඩනැගීමට හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

ඒ සඳහා නව ආර්ථික මාදිලියක් සැකසීමේ වගකීම ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරේ. කාර්ය සාධක බලකාය විෂය ක්ෂේත්‍ර අනුව කොටස් වශයෙන් බෙදී ඉලක්කගත නව ආර්ථික සැලසුම් සකස් කර ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපතිතුමා කියා සිටී.

මැයි 11 දා සිට යළි යථා තත්වයට පත් කෙරෙන ජන ජිවිතයත් සමග ආර්ථිකය ද නගා සිටුවීමේ අරමුණින් ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ප්‍රථම සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය. මෙරට ආර්ථිකයට විශාල ශක්තියක් වූ ඇඟලුම් සහ සංචාරක කර්මාන්ත නව මුහුණුවරකින් ඇරඹිය යුතු බව රාජපක්ෂ මැතිතුමා පැවසීය.







2 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017