ලංගම හා පුද්ගලික බස්රථ සදහා ජූලි මස අවසානයේ සිට Prepaid Travel Card පතක්..



කොන්දොස්තරවරුන්ට හා රියදුරන්ට මාසිකව වැටුපට අමතරව තවත් දීමනාවක්..

ලංගම හා පුද්ගලික මගී ප්‍රවාහන බස්රථ සදහා ජූලි මස අවසානයේ සිට පෙර ගෙවුම් ගමන් කාඩ්පතක් හදුන්වා දීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යංශය විසින් කටයුතු යොදා තිබේ.

දැනට පවතින කොවිඩ් 19 නිසා මුදල් පරිහරණයේදී එම වෛරසය මුදල් මගින් මහජනතාව අතර පැතිරීමට ඇති ඉඩකඩ හේතුවෙන් විශේෂයෙන් මගී ප්‍රවාහනයේදී ඉන් සිදුවිය හැකි බලපෑම වැඩි බව පෙනීගොස් තිබේ. එම නිසා මෙම පෙරගෙවුම් ගමන් කාඩ්පත කඩිනමින් හදුන්වා දීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දුන්නේය. එමෙන්ම මෙම කාඩ්පත දුම්රිය ගමනාගමනය සදහාද යොදාගැනීමට අපේක්ෂා කරන බව කී අමාත්‍යවරයා මෙම පෙරගෙවුම් ගමන් කාඩ්පත හදුන්වාදීමෙන් පසුව ලංගම බස්රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් හට ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට වැටුපට අමතරව මාසික දීමනාවක් ද ලබාදීමට පියවර ගන්නා ලෙසත් උපදෙස් දෙනු ලැබීය. පුද්ගලික බස්රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්ට ද වැටුපට අමතරව දීමනාවක් ලබාදීම සම්බන්ධව පුද්ගලික බස්රථ හිමියන් සමග සාකච්ඡා කරන ලෙස ජාතික ගමනාගමන කොමිසමේ සභාපතිවරයාට උපදෙස් දෙනු ලැබීය. මෙම Travel Card පත සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතී. ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මහතා අමාත්‍ය මහින්ද අමරවීර මහතා හට කියා සිටියේ ජූලි මාසයේ අවසන් සතිය වන විට මෙම කාඩ්පත අපරටේ මගීන්ගේ පරිහරණය සදහා හදුන්වාදීමට සූදානම් බවයි. ඊයේ (08) පස්වරුවේ විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.



0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017