ලංකාවේ අට වන කොරෝනා මරණය වාර්තා වෙයි.




මෙරට කොරෝනා ආසාදිත අටවන මරණය අද(04) සවස සිදුව තිබේ.


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කළේය.


මිය ගිය තැනැත්තිය වයස අවුරුදු 72ක් වු කාන්තාවක් වන අතර ඇය කුරුණෑගල පොල්පිතගම ප්‍රදේශයේ පදිංචි අයෙකි.


අද(04) සවස 6.45 වන විට තවත් කොරෝනා ආසාදිතයින් ‍දෙදෙනෙකු වාර්තා වී තිබේ.


ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 721 ක් දක්වා ඉහළ‍ ගොස් ඇත.


කෙසේ වෙතත් ආසාදිතයින් 7 දෙනෙකු සුවය ලබා ඇති අතර සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ද 194 ක් දක්වා වැඩි වී තිබේ.


කෙසේ වෙතත් ලංකාවේ කොරෝනා ‍ආසාදිත තත්ත්වයෙන් මිය ගිය පළමු කාන්තාව වන්නේ මෙම කාන්තාවයි.


මියගිය කාන්තාව හෝමාගම රෝ‍‍හලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.


ඇය වකුගඩු රෝගී තත්ත්වයෙන් පෙළී ඇතැයි ද වාර්තා වෙයි.


මිය ගිය කාන්තාවගේ අවසන් කටයුතු මීට සුළු වේලාවකට පෙර කොටිකාවත්ත සුසාන භූමියේ දී සිදු කර තිබේ.

0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017