ලංකා ගමනාගමන මණ්ඩලය සතු සියලු බස්රථ හෙට සිට ධාවනයට.....




ලංකා ගමනාගමන මණ්ඩලය සතු සියලු බස්රථ හෙට(08) සිට ධාවනයට යොදවන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.


මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

හෙට සිට සාමාන්‍ය පරිදි සේවා ආරම්භ කිරීමට රජය අනුමැතිය ලබා දී ඇතැයි ද පැවසු ඒ මහතා, කොරෝනා ආසාදනය මෙරට ව්‍යාප්ත වීමට පෙර පැවති ආකාරයට පා පුවරුවල හා දුම්රියේ ගිය සියලු දෙනාට ප්‍රවාහන පහසුකම් සැපයීම පහසු කාර්යක් නොවන බවයි.


ලංගම ධාවනයට මීට පෙර එක් නොකළ බස් රථ පවා ධාවනයට එක් කිරීමට නියමිත බව ද පැවසු ඒ මහතා, සංචාරක කේෂ්ත්‍රයට හා පාසල් බස් රථ සඳහා ලබා දී තිබු බස් රථ මගීන් රැගෙන යෑමට යොදා ගැනීමට කටයුතු කරන බවද පැවසීය.

මගීන් තදබදය වැඩි වෙන තැන්වලට එම බස් රථ ලබා දීමට කටයුතු කරන බවද ඒ මහතා කියා සිටියේය.

0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017