රුමේනියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.



රුමේනියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.


විදෙස් මාධ්‍ය වාර්තා කළේ උතුරු රුමේනියාවේ බොටොසානි ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කම්හලක සේවය කරන ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවයි.


අදාල ඇගලුම් කම්හ‍ලේ සේවය කළ ශ්‍රී ලාංකිකයින් 44 දෙනෙකු සේවයෙන් ඉවත් කර ඇති අතර එලෙස ඉවත් කළ පිරිසෙන් 7 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව සදහන්.


සේවයට වාර්තා නොකිරීමේ චෝදනාව මත අදාල සේවකයින් සිය ආයතනයෙන් ඉවත් කර ඇති බව ඇගලුම් කම්හලේ බලධාරීන් ප්‍රකාශ කර තිබේ.


රුමේනියාව තුළ පැතිර යන කොරෝනා වෛරස් ව්‍යාප්තියට බියෙන් අදාල ශ්‍රී ලාංකිකයින් පිරිස සේවයට වාර්තා කර නොමැති බව වාර්තා වේ.


කෙසේවෙතත් සේවකයින් ඉවත් කිරීම සම්බන්ධයෙන් එරට දේශීය කම්කරු පරීක්ෂක කාර්යාලය විසින් විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව සදහන්.


ශ්‍රී ලාංකික සේවකයින්ට ද රුමේනියානු ජාතිකයින්ට හා සමාන අයිතිවාසිකම් ඇති බැවින් සේවයෙන් ඉවත් කිරීම පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදුකරන බව රුමේනියානු කම්කරු පරීක්ෂක කාර්යාලය පවසයි.

1 view

HELLORADIO

CONTACT US

077 7 369 324

helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram