රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලා සිටියි.



රටේ ආර්ථික තත්ත්වය පිළිබද සත්‍ය කරුණු නොසඟවා රටට හෙළි කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

අද(03) දහවල් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති වැඩසටහනකට එක්වෙමින් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ජනතාවට සහන ලබාදීම පිළිබඳව ආණ්ඩුව සමග සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවයි.

ඉදිරි මහ මැතිවරණයට තරගවඳින මහනුවර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින් හා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද දහවල්  සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂය නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

“වෙන රටවල කොවිඩ් නිසා බඩු මිල අඩු වුණා. එදා තරම් ඉල්ලුම තිබුණේ නෑ. ඉල්ලුම අඩුවී බඩු මිල වැඩි වුණ එකම රට ලංකාව. හැම රටකම ආර්ථිකයට පහරක් වැදුණා

ලංකාවේ ආර්ථිකයේ විශාල කඩාවැටීමක්. අපේ ආදයම් අඩු වෙලා. රජයේ වියදම් හා ආදායම් අතර පරතරය විශාලයි. දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 9ක හිඟයක්

මේ ගැන කරුණු හෙළි කරන්න. ජනතාවට බලපාන ප්‍රශ්නයක්. ජාත්‍යන්තරයෙන් ණය, ආධාර ලැබෙනවාද?

ආර්ථිකය ගැන දැනගන්න අයිතියක් තියෙනවා. හංගන්නේ නැතුව ඇත්ත කියන්න. අපි අදහස් හුවමාරු කරගමු කරුණු සැඟවීමෙන් සිදුවෙන්නේ. සාගින්නට යටවී මිය යන්න. සහන දෙන වැඩපිළිවෙල ගැන සාකච්ඡා කරමු“

0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017