රට නව යුගයකට පියමනින ගමන ශක්තිමත් කිරීම සඳහා සියල්ලන් පෙළගැසිය යුතුයි.




රට නව යුගයකට පියමනින ගමන ශක්තිමත් කිරීම සඳහා සියල්ලන් පෙළගැසිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

කොළඹ, ගෑස්පහ හන්දිය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

ඇඳිරි නීතිය ඉවත් වීම යනු රටක් වශයෙන් කොරෝනා බලපෑමෙන් බොහෝ දුරට ඈත් වී ඇතැයි ද පැවසු අමාත්‍යවරයා, කොරෝනා වසංගතය සාමාන්‍ය සමාජයට පැතිරීම වළක්වා ගැනීමට හැකි වුයේ ජනාධිපතිවරයාගේ නිවැරදි නායකත්වය නිසාවෙන් බවද පැවසීය.

පසුගිය ආණ්ඩුව පැවතියේ නම් මෙම තත්ත්වය තවත් භයානක විය හැකි යැයි පැවසු අමාත්‍යවරයා, ඔවුන්ට පසුගිය කාලයේ සිදුවු සිදුවීම් කිසිවෙකටත් නිසි ලෙස වන්දි ලබා දිය නොහැකි වු බවද කියා සිටියේය.

මත්ද්‍රව්‍ය හා පාතාල ඡාවාරම්කරුවන් මැඩලා රට ඉදිරියට ගමන් කරන බවත් ඒ සඳහා අපගේ ශක්තිය ලබා දිය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017