මුහුදු මාර්ගයෙන් ගෙන්වූ තැපැල් භාණ්ඩවල ලිපිනයන් මැකීයාම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරයි.



විදෙස් රටවල සිට මුහුදු මාර්ගයෙන් ගෙන්වූ තැපැල් භාණ්ඩවල ලිපිනයන් මැකී යාම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීමක් අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි.

මෙම මාධ්‍ය හමුවට උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රධාන නියෝජ්‍ය තැපැල්පති තුසිත උලංගමුව මහතා සහ ජාත්‍යන්තර තැපැල් හුවමාරුවේ අධිකාරී නාවලගේ මහතා ඇතුළු නිලධාරීන් එක්ව සිටියේ ය. එහිදී ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අඳහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකදී විදෙස් රට වලින් මුහුදු මාර්ගයෙන් ගෙන්වූ තැපැල් භාණ්ඩ වල ලිපිනයන් මැකීගොස් ඇති බවට තමා කළ ප්‍රකාශය පිළිබද විවිධ මත පළවී තිබූ බැවින් එය පැහැදිලි කිරීම කළ යුතු බවත් ඒ සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එය සිදු කරන බවත් කී අමාත්‍යවරයා, විදෙස් රට වලින් මුහුදු මාර්ගයෙන් ගෙන්වූ තැපැල් භාණ්ඩ වල ලිපිනයන් මැකීගොස් ඇත්තේ වතුර වැදීමක් නොවන බව සඳහන් කළේ ය. මෙම කාරණය පැහැදිලි කිරීම සදහා එම මාධ්‍ය හමුවට සහභාගී වෙමින් නියෝජ්‍ය තැපැල්පති තුසිත උලංගමුව මහතා සහ ජාත්‍යන්තර තැපැල් හුවමාරුවේ අධිකාරී නාවලගේ මහතා ඉන් අනතුරුව අදහස් දැක්විය. නියෝජ්‍ය තැපැල්පති තුසිත උලංගමුව මහතා ප්‍රකාශ කරන පරිදි ලොවටම බලපෑ කොවිඩ් වසංගතය හේතුවෙන් තැපැල් පාර්සල් ඇණවුම් කරන ලද රටෙන් නිශ්චිත ගමනාන්ත වෙත යැවීම සදහා පරිපාලන ආයතන වෙත බාරදී තෙමසක් පමණ ගතවූ පසු ගුවනින් ප්‍රවාහනය කිරීමට තිබූ පාර්සල් ගුවන් කටයුතු නතරවීම හේතුවෙන් මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනයට සිදුවූ බව කීය විශේෂයෙන් ම අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කරණ භාණ්ඩ අඩු පිරිවැයක් ඔස්සේ පාර්සල් කිරීමටත්, ලිපිනයන් ආදිය සටහන් කිරීම සදහාත් අදාළ රටවල් කටයුතු කරයි. එලෙස කරනුයේ ගුවන් මගින් ගෙන්වීමේදී ගතවන කාලය අඩුවීමත් ඉක්මණින් පාරිභෝගිකයා අතට භාණ්ඩ පත්වීමත් යන කාරණා හේතුකොට ගෙනයි. එලෙස ගුවනින් ගෙන්වීමට තිබූ භාණ්ඩ වැඩි කාලයක් ගතවන මුහුදු මාර්ගයෙන් ගෙන්වීමට වීම නිසා යම්යම් කාලගුණික හා දේශගුණික තත්ත්වයන්ට මුහුණපෑමට සිදුවීම හේතුවෙන් එලෙස භාණ්ඩ පැකට් වල මුද්‍රිත ලිපිනයන් දුර්වර්ණව ගොස් ඇත. සමාජ්‍ය මාධ්‍ය වල මෙලෙස භාණ්ඩ ප්‍රමාද වීම සම්බන්ධව තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාණ්ඩ හොරකම් සිදුවී ඇති බව පවසමින් පළවන විවිධ අසත්‍ය පුවත් පිළිබදව අදහස් දක්වමින් නියෝජ්‍ය තැපැල්පති තුසිත උලංගමුව මහතා කියා සිටියේ, වෙදෙස් රට වල සිට භාණ්ඩ ගෙන ඒමේදී අවශ්‍ය විටක ගුවන් තොටුපොලේදී පාර්සල් විවෘත කිරීමට සිදු වුවහොත් එයද නිශ්චිත ක්‍රමවේදයකට යටත්ව ශ්‍රී ලංකා රේගුව, ගුවන් සමාගම සහ තැපැල් දෙපාර්තමේන්තුව යන ආයතන තුනෙහි නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සමීක්ෂණයක් පවත්වමින් වාර්තා ලබාදෙමින් විශ්වාසදායක ලෙස සිදුකරන බවයි. මෙම කාරණය සම්බන්ධව වැඩිදුර අදහස් දක්වමින් ජාත්‍යන්තර තැපැල් හුවමාරුවේ අධිකාරී නාවලගේ මහතා කියා සිටියේ, බොහෝ රටවල් මුහුණ පෑ කොරෝනා වසංගතය හේතුවෙන් මැලේසියානු තැපැල් සමාගම අප රටට ලැබිය යුතු භාණ්ඩ රදවා තබාගනිමින් මැයි මාසයේ එවීමට කටයුතු කර ඇති බවයි. ඒ මහතා පවසන පරිදි මෙලෙස භාණ්ඩ වල ලිපිනයන් මැකී යාමට හේතු වූයේ මුහුදු තැපෑල භාවිතා කිරීමට සිදුවීම හේතුවෙන් වැඩි කාලයක් ගතවීමත්, ඇසුරුම් වල ගුණාත්මකභාවයේ පවතින ගැටලු ආදියයි. කෙසේ වෙතත් මෙම ගැටලුව සම්බන්ධයෙන් අදාල මැලේසියානු තැපෑලටද දැනුවත් කර ඇති බවත්, ඉදිරියේදී භාණ්ඩ එවීමේදී ඔවුන් ඒ පිළිබදව වැඩි වශයෙන් සැලකිලිමත් වනු ඇති බවත් බාර්කෝඩ් අංක ඔස්සේ ඔවුන්ගෙන් තොරතුරු ලබාගනිමින් අදාළ පාර්සල් අදාළ පිරිස් වෙත ඉක්මණින් ලබාදීමට කටයුතු කරන බවත්  වැඩිදුරටත් පැවසීය. භාණ්ඩයක් පාරිභෝගිකයා වෙත නොලැබුණහොත් මෙහිදී පාරිභෝගිකයාට පාඩුවක් නොවන අයුරින් මැලේසියානු තැපැල් පරිපාලනය සමග සාකච්ඡා කර මුදල් ආපසු ගෙවීමේ ප්‍රතිපත්තිය (Refund Policy) අනූව කටයුතු කරන බවද පවසන ලදී.

6 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017