මෙවර ශ්‍රී පාද වන්දනා සමය ඊයේ(07) දින මධ්‍යම රාත්‍රීයෙන් අවසන්.




මෙවර ශ්‍රී පාද වන්දනා සමය ඊයේ(07) දින මධ්‍යම රාත්‍රීයෙන් අවසන් කල බව සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක, පැල්මඩුල්ල ශ්‍රී රජමහා විහාරස්ථානයේ විහාරාධිපති, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ පැවසිය.


මේ අනුව චාරිත්‍යානුකුලව ශ්‍රී පාද උඩ මළුවේ අද (08) දින උදැසන පැවැත් වු තේවාවන් සහ විශේෂ ආගමික වතාවන්වලින් අනතුරුව ශ්‍රී පාද උඩ මළුවේ වැඩම කර තිබු සාධාතුක කරව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථාන දක්වා ලක්ෂපාන යුද හමුදා කදවුරේ භට පිරිස් විසින් වැඩම

කරවිම මේ වන ආරම්භ කර ඇත.


නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය දක්වා වැඩම කරවන සාධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ විශේෂ රන්සිලි ගෙයක තැන්පත් කර බගවන්තලාව , බලංගොඩ  මාර්ගය ඔස්සේ ගල්පොත්තාවෙල ශ්‍රී පාද  රජමහා විහාරස්ථානය වෙත වැඩම කර විශේෂ  පුජාවන් ගණනාවක් එහි පවත්වා ශ්‍රී පාද අවාරය අවසන් වන තෙක් එහි තැන්පත් කර තැබෙන බව ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේය.


ශ්‍රී පාද වන්දනා වාරය අවසන් වී ආපසු සාධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ වැඩම කරවන අවස්ථාවේ නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය වෙත විශාල බැතිමතුන් පිරිසක් ඉකුත් වර්ෂවල පැමිණ සිටියත් (08) දින බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් තොරව වැඩම කරවන බව ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේය.

0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017